ශ්‍රී ලාංකික නළුවෙකු ජාත්‍යන්තර ඉංග්‍රීසි චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රථම අවස්ථාව උදා කර ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න සමත් වී තිබෙනවා.
ඒ, ඕස්ට්‍රේලියාවේ වෙසෙන තවත් ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු වන හර්මන් පෙරේරා විසින් අධ්‍යක්ෂණය, තිර රචනය හා නිෂ්පාදනය කළ “Sunny's Mansion - 2025 ඕස්ට්‍රේලියානු ඉංශ්‍රීසි චිත්‍රපටය හරහායි.
ත්‍රාසය, භීතිය කැටි කොට හත් (Horror/Thriller) වර්ගයේ වෘතාන්ත චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිතයෙන් බුද්ධික ජයරත්න ඇතුළුව Sarah Alexander, James Bolton, Stefan Davis, Lara Deam, Jarid Kennedy, Tom Marchant.. යන ප්‍රකට විදෙස් රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වී තිබෙනවා.
ඒ අනුව මෙම චිත්‍රපටය ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා, ඇමරිකා ශිල්පීන් රැසකගේ දායකත්වයෙනුයි නිර්මාණය වී තිබෙන්නේ.
මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් ද එක් කොට තිබුණා. එම සටහන පහතින්.
( උපුටා ගැනීම)
"ඉතා නිහතමානීව ආඩම්බර වෙනවා. මේ කුඩා ආරම්භය ශ්රීලංකික සිනමාව තුල සිටින දක්ෂ රංගන ශිල්පීන්ට ජාත්යන්තරය තරණය කිරීමට , එමගින් රටට , ක්ශේත්රයට ගෞරවයක් අභිමානයක් ගෙන දීමට ආරම්භයක් වේවා කියලා මා ප්රාරථනා කරනවා."
(උපුටා ගැනීම අවසන්)
"Sunny's Mansion"චිත්‍රපටයේ මංගල දර්ශනය 2025 ඔක්තෝම්බර් 19 වනදා මෙල්බන්හි “Drum Theatere” හීදී ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර,
ශ්‍රී ලංකික රංගනය හා සිනමාව ජාත්‍යන්තර තලයට ගෙන ගිය ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්නට හා ශ්‍රී ලාංකික සිනමා නිර්මාණකරු හර්මන් පෙරේරාට "mirror arts" අපගේ උණුසුම් සුබ පැතුම් එක්කොට සිටිනවා.
"Sunny's Mansion"චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ඡායාරූප කිහිපයක් හා පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්.







