lan englan tam

පුවත්

"මෝඩ තරිඳු" ඔක්තෝම්බර් 10 වනදා සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වීම් ඇරඹේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට පෙර ‘නිනෝ ලයිවු’ සිනමාපටය ඔබ වෙත ගෙන ආ තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන "මෝඩ තරිඳු" සිංහල චිත්‍රපටය,

එළඹෙන ඔක්තෝම්බර් 10  සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වීම් ආරම්භ වනවා.

ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සුර්යා දයාරුවන් විසින් නිරූපණය කරන අතර ඒ සමගින්,

කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

"මෝඩ තරිඳු" චිත්‍රපටයේ තිර රචනය සිදු කළේ තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසින්.

කැමරාකරණය හසිත වර්ණසූරිය විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Thisara Imbulana Films & Villa19  මගිනි.

සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් ගමගේ විසින්.

 

ඉතින්, ප්‍රේක්ෂක ඔබට ඔක්තෝම්බර් 10  සිට ළඟම සිනමා ශාලාවේදී ‘මෝඩ තරිඳු’ චිත්‍රපටය නරඹන්නට එක් විය හැකියි.

චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්.>>

 

 

kemadasa

shungara

Back to top
Go to bottom