lan englan tam

පුවත්

ලලිත් රත්නායකගෙන් අලුත්ම සිනමා නිර්මාණයක් “බොම්බයි මොටයි”!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘තාත්තා’, ‘තෙත් සහ වියළි’, ‘අරුංගල්’, ‘ජීවිතයේ එක් දවසක්’ වැනි ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ හදවත් ස්පර්ශ කළ ටෙලි නාට්‍ය රැසකම අධ්‍යක්ෂකවරයා මෙන්ම, ‘විශම භාග’, ‘රිවස්ටන්’... වැනි සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය තමයි “බොම්මයි මොටයි” (Candy Floss) චිත්‍රපටය.

ඉතින්, මේ ගැන ප්‍රසිද්ධියට පත් කරමින් චිත්‍රපටයේ නවතම පොස්ටරයකුත් එහි නිල ෆේස්බුක් පිටුව හරහා එක් කරලා තිබුණා.

 

557068235 1127445829366780 1431584354721143966 n

 

“බොම්මයි මොටයි” චිත්‍රපටයේ අන්තර්ගතය ගැන නම් තවමත් වැඩි විස්තරයක් ප්‍රසිද්ධ කරලා නැතත් චිත්‍රපටයේ තේමා පාඨය විදිහට නම් කරලා තියෙන්නේ “රහ විතරයි මොකුත් ඉතුරු වෙන්නේ නැහැ” යනුවෙන්.

මේ චිත්‍රපටයට සජිත ඇන්තනී, උදාරි පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ආනන්ද කුමාර උන්නැහේ.... වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් එක්වෙනවා.

මේ රංගන ශිල්පීන් චිත්‍රපටයේ නිරූපණය කරන චරිතයේ නම සදහන් කරමින් post කිහිපයක් ද මේ වන විට "බොම්බයි මොටයි - (Candy Floss)" නිල ෆේස්බුක් පිටුව හරහා එක්කරලා තිබුණා.

 

559953804 1128084302636266 7729861374986449912 n

558384480 1126570466120983 5641650320722556181 n

557655407 1127208319390531 1415145066993361422 n

556668188 1125566009554762 1910354449206834379 n

558977252 1125699186208111 3059555975176735513 n

 

ඉතින්, මේ චිත්‍රපටය තිරගත වන දිනය පිළිබඳව ළඟදීම අපට දැන ගන්නට ලැබෙයි.

මේ ගැන නවතම විස්තර ඉදිරියේදී ඔබට ගෙන එන්නම්.

 

බොම්බයි මොටයි - (Candy Floss) නිල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න මෙතනින්. - click here

 

 

kemadasa

shungara

Back to top
Go to bottom