චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය “ආයු” දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.
ආදරය, අධිෂ්ඨානය, ධෛර්‍ය පිළිබඳව හෘදයාංගම කතාවක් අන්තර්ගත මේ චිත්‍රපටයට,
ජගත් මනුවර්ණ, අශාන් ඩයස්, සැන්ඩ්‍රා මැක් ප්‍රධාන රංගනයෙන් එක්වන අතර, ප්‍රියන්ත සිරිකුමාර, මාලිනී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, නලින් ලුසේනා, සමනලී ෆොන්සේකා ඇතුලු තවත් නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වෙනවා.
මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ දයා රත්නායක හා යසස් රත්නායක විසින්.
ප්‍රේක්ෂක ඔබට දැන් ළඟම සිනමා ශාලාවේදී “ආයු” නරඹන්නට එක් විය හැකියි.
චිත්‍රපටයේ ප්‍රධාන ගීතය සහ පූර්ව ප්‍රචාරක පටය (Trailer) එක නරඹන්න පහතින්.




