ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට, ඇය 82 වන වියේ පසු වූවා.
සිය දිවි ගමන පුරාම ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබා දුන් ඇය ප්‍රවීණ ගායිකාවක් ලෙස මෙන්ම, වේදිකා නාට්‍ය ශිල්පිනියක්, ගුවන් විදුලි හඩ කැවීම් ශිල්පිණියක් ලෙසත් සිය දායකත්වය ලබා තිබෙනවා.
අදටත් බෙහෙවින් ජනප්‍රිය ගීත රැසක් ඇය මෙරට රසිකයන් වෙනුවෙන් දායද කළ අතර,
“දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ”, "හැඩකාරයි මං පොඩි කාලේ.", "මල් කෙල්ලක් මං.", "තුන් තුඹ මල් තුඹ මල් ", "රාං කුරුල්ලා රාං කියාගෙන.", "අත්තන මල් අත්තන මල්", "මලක සුවඳ සිව්සිය ගව්.", "අක්කා නගා ලගේ බොළඳ සිනා" සහ "දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්"... වැනී ගීත එම ගීතාවලියේ ජනප්‍රිය සලකුණුයි.



