වසර ගණනාවක් පුරා ‘දර්ශනය’ විෂය පිළිබඳව විධිමත් අධ්‍යයනයක නිරතවන ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් වන වංගීස සුමනසේකර ප්‍රමුඛ ‘බටහිර ඉවුරේ දර්ශනය’ කණ්ඩායමේ මූලිකත්වයෙන්,
දර්ශනය ඉගැන්වීමට කැපවූ ස්වාධීන ආයතනයක් ආරම්භ කිරීම උදෙසා වන ‘Colombo School of Philosophy’සමාරම්භක උළෙල,
2025 ඔක්තෝම්බර් මස 10 වන සිකුරාදා, සවස 4.00 ට, කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.
එදිනට මෙම අවස්ථාවට එක් වන මෙන් ‘බටහිර ඉවුරේ දර්ශනය’ කණ්ඩායමෙන් ඔබ සැමට ආරාධනා.
මතු දැක්වෙන්නේ ‘Colombo School of Philosophy’ ආරම්භ කිරීම හා එහි අරමුණු පිළිබඳව හඳුන්වා දෙමින් බටහිර ඉවුරේ දර්ශනය කණ්ඩායම එක් කරන ලද සටහනකි.
(උපුටා ගැනීම)
Colombo School of Philosophy ආයතනය බිහිවීමේ ඉතිහාස කතාව තුළ බොහෝ අභියෝග සහ බාධාවන්ට මුහුණ දීමට සිදුවූවා කියා කිසිවෙකු අවිශ්වාස නොකරනු ඇත. එය සමාජයේ දැන් පවත්නා බල-ආධිපත්‍යයන්වලට අභියෝග කරන ඕනෑම කෙනෙකු බලාපොරොත්තු වියයුතු යථාර්ථයකි. මේ ව්‍යාපෘතියටද එවැනි බාධාවන් සහ පසුබැසීම් බොහෝ ගණනක් පසුකර පැමිණීමට සිදුවිය. නමුත් අවශ්‍ය වන්නේ සටන අත්නොහැර ඉදිරියට යාමයි.
අප සිතනා ආකාරයට අපේ රටේ ඇති වූ සමාජ-දේශපාලන පරිවර්තනය විසින් ඉල්ලා සිටින මතවාදී පරිවර්තනයක්ද තිබේ. මේ සඳහා අපේ රටේ බුද්ධිමය ඉතිහාසයේ '90 මොහොත' ලෙස අප නම් කරන එක්තරා බුද්ධිමය සිතිජයක් අප පසුකර යා යුතු වනවා කියා අපි සිතමු. 90 දශකයේදී අපේ රටේ එයට පෙර යුගයේ පැවති ප්‍රගතිය, ප්‍රබුද්ධත්වය, මානවවාදය, මානව විමුක්තිය ආදී අදහස් අවලංගු වී මිනිසාගේ තර්කබුද්ධියට සීමා මායිම් පනවන නව දර්ශනවාදයක් අධිපති විය. නමුත් එය අපේ රටේ සිදුවූ දෙයක් පමණක් නොව පුළුල් දාර්ශනික ලෝකය පුරා මේ කාලයේ සිදු වූ දෙයකි. නමුත් අද වනවිට පුළුල් දාර්ශනික ලෝකයේ මෙම දර්ශනවාදය වෙත තිබූ බුද්ධිමය ආධිපත්‍යය අවසන්ව තිබේ. එහිදී මිනිසාගේ සිතීම සීමාකරන මෙවැනි ව්‍යාපෘති පසුකර යන නව දාර්ශනික යුගයක් ආරම්භ වී තිබේ. නමුත් සිංහල බුද්ධිමය සංවාදය මෙතැනදී සිටින්නේ පසුපසිනි. එහි තවමත් බුද්ධිමය ආධිපත්‍යය තිබෙන්නේ '90 මොහොත' වෙතයි.
ප්‍රංශ විප්ලවයෙන් පසුව යුරෝපයේ ඇති වූ සමාජ-දේශපාලන පරිවර්තනයේ අඩුවක් පෙන්වා දෙමින් හේගල් කියූ ලෙස පාරභෞතික විද්‍යාවක් නොමැති මිනිස් ප්‍රජාවක් යනු වන්දනාමාන කිරීමට ශුද්ධ වූ වස්තුවක් නොමැති ආගමික සිද්ධස්ථානයක් වැනිය. Colombo School of Philosophy යනු අපේ රටට අහිමි වූ මේ 'ශුද්ධ වූ වස්තුව' ගෙන ඒමට කරනා කුඩා එකතු කිරීමකි. එයට සම්බන්ධ වන ලෙස සියලු දෙනාට ආරාධනා!
( උපුටා ගැනීම අවසන්)
(වැඩි විස්තර සදහා පිවිසෙන්න 'Colombo School of Philosophy' නිල ෆේස්බුක් පිටුව වෙත - Click Here




