බොලිවුඩයේ දැවැන්ත සහ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ගෝවර්ධන් අස්රානි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක සිට අසනීප තත්වයෙන් සිටි ඔහු මිය යන විට ඔහු 84 වන වියේ පසු උනා.
අස්රානි වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ හාස්‍යෝත්පාදක චරිත නිරූපණයෙන් වන අතර,
"ෂෝලේ, අභිමාන්, 'Mere Apne', 'Bawarchi' වැනි චිත්‍රපටවල කැපී පෙනෙන චරිත ඉරූපණය කළ ඔහු වර්තමාන ප්‍රේක්ෂකයන්ට වඩාත් මතකයේ රැදුනේ 2000 වර්ෂයෙන් පසු ප්‍රියදර්ශන්ගේ හේරා ෆෙරි, චුප් චුප්කේ, ගරම් මසාලා, බෝල් බච්චන්.... වැනි චිත්‍රපට හරහායි.
බොලිවුඩය තුළ අස්රානිගේ රංගන දිවිය දශක පහකට වඩා දිගු වන අතර සමස්ථ චිත්‍රපට 350 කට අධික ප්‍රමාණයකට ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.
ඔහු හොඳම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.
මූලාශ්‍ර - india today, භාරත සිනමා රසික සංසදය




