lan englan tam

පුවත්

“පළිඟු රෑන” හෙට(23) පාර්ලිමේන්තුවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මගින් සංවිධානය කරනු ලබන "පළිඟු රෑන” වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශනයක්,

හෙට(2025 ඔක්තෝම්බර් 23), ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall), ප.ව 6.30 ට වේදිකා ගතවීමට නියමිතව තිබෙනවා.

“පළිඟු රෑන” වේදිකා නාට්‍ය ප්‍රකට ඇමරිකානු නාට්‍යකරු Tennessee Williams ගේ The Glass Menagerie නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකීය නාට්‍යකරු හෙන්රි ජයසේන මහතා විසින් සිංහලට පරිවර්ථනය කරමින් රචනා කල මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ  පුජිත ද මෙල් විසින්.

මීට, චාන්දනී සෙනෙවිරත්න, ක්ෂේවියර් කණිෂ්ක, මනුෂි ටානියා, බිම්සර සිල්වා යන රංගන ශිල්පින් ශිල්පිනියන් රංගනයෙන් එක්වෙනවා.

මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න , අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,විදෙස් තානාපතිවරුන්, ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතයි.

 

 

මූලාශ්‍රය - 'Parliament of Sri Lanka' නිල ෆේස්බුක් ගිණුම ඇසුරිනි

kemadasa

shungara

Back to top
Go to bottom