ත්‍රස්තවාදයෙන් මිදුණු මනුෂ්‍යත්වය තේමා කරගනිමින් නිර්මාණය වූ “සයනයිඩ්” නවතම චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශලාවලදී තිරගත වීමට සූදානම් බව වාර්තා වෙනවා.
මෙරට යුධ සමයේදී ඊ.පී.ආර්.එල්.එෆ් නායක වරධරාජා පෙරුමාල් ඉලක්කකරගනිමින් සිදුකරන ලද එල්.ටී.ටී.ඊ. ඝාතන උත්සාහයක සත්‍ය කතාවකින් මෙම චිත්‍රපටය අභාසය ලබා තිබෙනවා.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මීට පෙර “අඟර දඟර”, “රේන්බෝ” වැනි සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ නලින් රාජපක්ෂ විසින්.
මෙහි කතාව හා තිර රචනයද නලින් රාජපක්ෂ විසින්ම සිදු කොට තිබෙනවා.

ඉන්දියාවේදී රූගත කළ “සයනයිඩ්” චිත්‍රපටය නිර්මාණය වන්නේ ලාංකීය මෙන්ම ඉන්දීය නළි නිළියන් හා නිෂ්පාදන ශිල්පීන් රැසකගේ දායකත්යෙන්.
චිත්‍රපටයට රංගනයෙන් - රනීෂ් හේවගේ, රාජා ගනේෂන්, ජගත් ගලප්පත්ති, ගීතා කාන්ති ජයකොඩි, නිෂුලි නෙලිත්මා, ක්‍රිස්ටිනා බිටෝ, සඳුන් බණ්ඩාර, ඇලෙක්සි ප්‍රනාන්දු, අසංක දේවමිත්‍ර, රාජා බාලසූරිය, දුමිඳු කන්නන්ගර... ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්වෙනවා.
බිහිසුණු කුරිරු යුද්ධයක සැගවුණු කතාවක් සමඟ නිර්මාණය වූ අභියෝගාත්මක සිනමා නිර්මාණය “සයනයිඩ්” ළඟදීම ප්‍රේක්ෂක ඔබට දිවයින පුරා සිනමා ශලා වලදී නැරඹීමට හැකි වනු ඇති.
තොරතුරු - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු, 'Cynanide Movie' නිල ෆේස්බුක් පිටුව
චිත්‍රපටයේ පූරව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>




