ප්‍රවීණ ටෙලිනාට්‍ය හා සිනමා නිර්මාණකරු එරංග සේනාරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය "ඔස්කාර්" (Oscar) ළඟදීම තිරගත වීමට සූදානම් බව වාර්තා වෙනවා.
ඒ අනුව ඊයේ දිනයේදී (22) චිත්‍රපටයේ නවතම ප්‍රචාරක පෝස්ටරයක්ද එළිදක්වා තිබුණා.
"ඔස්කාර්" (Oscar) චිත්‍රපටයේ කතාව ගලා යන්නේ මෙවන් කතා පුවතක් ඔස්සේයි.
අතිශය ප්‍රකට සිනමා නිර්මාණකරුවකු වන මෙහි ප්‍රධාන චරිතය (පාලිත සිල්වා නිරූපණය කරන) වර්තමානයේ ගෙවන්නේ පාළු සුවිසල් බංගලාවක කාමරයකට කොටුවූ හුදකලා දිවියකි. තමාගේ අතීත දිවිය ආවර්ජනය කිරීමෙන් අනතුරුව තම ජීවිත කතාව තුළින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔහු තීරණය කරයි.
එම පුවත සමාජගත වීමත් සමඟ ඒ පිළිබඳව අවධානය යොමු කළ එක්තරා නවක නිළියක් ඔහු සොයා යන්නේ එම චිත්‍රපටයේ රංගනය සඳහා අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණෙනි. ඒ සඳහා ඕනෑම පරිත්‍යාගයක් කිරීමට ඈ සැදී පැහැදී සිටී.
නිරාමිස සුව නොපැතූ ඔහු, ඇයගේ උත්සාහය හමුවේ කිනම් ප්‍රතිචාරයක් දක්වයි ද? ඇයගේ බලාපොරොත්තුව ඉටුවේද, යනු ඉදිරියේදී දැනගැනීමට හැකිවනු ඇත. ඇයගේ එම රංගන චාරිකාවේ කතාවයි ඔස්කාර්"හරහා නිරූපණය වන්නේ.
“ඔස්කාර්” (Oscar) චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා සහ ජනප්‍රිය නිළි මධුෂාණි වික්‍රමසිංහයි.
මීට අමතරව, හසිනිකා කරලියද්ද, රයන් වැන්රෝයන්, ලක්ෂිකා ෆොන්සේකා, කාංචනා කාන්, අසංක මෙන්ඩිස්, මෙත්තානන්ද විතානගේ, අයේෂා ෂාමෙන් පෙරේරා, සිතුන් ඩින්සර ද සිල්වා, ඔෂිර තිසෙව් (ළමා නළු) වැනි රංගන ශිලිපීන් රැසක් මීට රංගනයෙන් දායක වී තිබෙනවා.
චිත්‍රපටය නිෂ්පාදකවරයා වන්නේ තුෂාර ද සිල්වා යි.
ඉතින් නුදුරේදීම ප්‍රේක්ෂක ඔබට “ඔස්කාර්” (Oscar) රිදී තිරයේ දැකගන්නට අවස්ථාව ලැබෙනු ඇති.
තොරතුරු - ඇන්ටන්.ජේ.ප්‍රනාන්දු (Anton J. Fernando) , Oscar - Movie නිළ ෆේස්බුක් පිටුව
චිත්‍රපටයේ රූපරාමු කිහිපයක ඡායාරූප පහතින්
https://mirrorarts.lk/news/11828-2025-10-23-05-49-06#sigProId42532a1f32




