ශ්‍රී ලාංකික නළුවෙකු ජාත්‍යන්තර ඉංග්‍රීසි චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රථම අවස්ථාව සටහන් කරමින්, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න “Sunny's Mansion" ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි චිත්‍රපයේ ප්‍රධාන චරිතය නිරූපණයෙන් එක් වූ බව ඔබට මතක ඇති.
“Sunny's Mansion" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද, ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේම ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂකවරයෙකු වන හර්මන් පෙරේරා විසින්.
ඉතින්, මේ චිත්‍රපටයේ ප්‍රථම ප්‍රදර්ශනය (premiere) පසුගියදා (19) ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි “Drum Theatere” හීදී පැවැත්වුණා.




එමෙන්ම “Sunny's Mansion" චිත්‍රපටය amazon prime හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන්ට භාෂා 17 කින් යුක්තව නැරඹීමටද මේ වන විට අවස්ථාව උදා වී තිබෙනවා.
“Sunny's Mansion" චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මෙන්ම තිර පිටපත් රචකයා වන්නේද හර්මන් පෙරේරායි.
මෙම චිත්‍රපටය හර්මන් පෙරේරාගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වන අතර මෙහි ප්‍රධාන චරිතය සඳහා අසියානු ජාතිකයෙක් සුදුසු වේ යන හැගීමයී අධ්‍යක්ෂකවරයාගේ මනසේ මැවී තිබෙන්නේ. ඒ අනුවයි බුද්ධික ජයරත්න හට මෙහි ප්‍රධාන චරිතය සඳහා අවස්ථාව හිමිවන්නේ.
මෙම චිත්‍රපටයට බුද්ධික ජයරත්න(Buddika jayarathne ) ඇතුළුව කාරා මැතිව්ස්(Cara Matthews) , ජැරීඩ් කෙනඩි( Jarid Kennedy) , නිවා පෙරේරා(Niva perera) , ටොම් මාර්චන්ට්( Tom Marchant) , එලී ස්ටුවර්ට්( Ellie Stewart) , ටොම් මැක්තී ( Tom McCthie), ජේම්ස් බෝල්ටන්( Jamem Bolton) සහ ඊතන් කුක්( Ethan Cook) ඇතුළු ප්‍රකට ඕස්ට්‍රේලියා, ඇමරිකා රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වී තිබෙනවා.
ත්‍රාසය, භීතිය කැටි කොට ගත් (Horror/Thriller) වර්ගයේ වෘතාන්ත චිත්‍රපටයක් ලෙසයි “Sunny's Mansion" චිත්‍රපටය හඳුන්වාදිය හැක්කේ.
ඕස්ට්‍රේලියාවේ සුවිසල් මන්දිරයක සිදුවන අද්භූත සිදුවීම් සමුදායක් මෙම චිත්‍රපටයේ කතාවට පාදක වන අතර,
එම මන්දිරය හොල්මන්, අවතාර අරක්ගත් ස්ථානයක් වේ. ඒ අනුව මෙම නිවසේ හිමිකරුවන් මෙම උවදුරෙන් මිදීම සඳහා 'ඩාර්' නම් පුද්ගලයාගේ උදවු බලාපොරොත්තු වේ. මෙම "ඩාර් " නම් විශේෂ බලයක් සහිත මන්ත්‍රචාර්‍ය වරයාගේ චරිතයට පන පොවන්නේ බුද්ධික ජයරත්නයි. ඉන් අනතුරුව සිදුවන ත්‍රාසජනක සිදුවීම් සමුදායක් වටා චිත්‍රපටයේ කතාව ගලා යනවා.
තොරතුරු - ඇන්ටන්. ජේ ප්‍රනාන්දු, AUS LANKA TV
“Sunny's Mansion" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය හා ඡායාරූප පෙළක් නරඹන්න පහතින්.
https://mirrorarts.lk/news/11834-2025-10-24-04-36-07#sigProId6ca85dc6b8




