lan englan tam

පුවත්

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී වේදිකාගත වූ “පළිඟු රෑන”!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් “පළිඟු රෑන” වේදිකා නාට්‍යය ඊයේ (23) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) සවස 7 සිට සාර්ථක ලෙස වේදිකා ගතවූවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න , අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,විදෙස් තානාපතිවරුන්, ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන්.

නාට්‍ය ආරම්භයට පෙර කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) සේන නානායක්කාර විසින් ප්‍රේක්ෂකයින් වෙත නාට්‍ය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන ලදී.

“පළිඟු රෑන” වේදිකා නාට්‍ය ප්‍රකට ඇමරිකානු නාට්‍යකරු Tennessee Williams ගේ The Glass Menagerie නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකීය නාට්‍යකරු හෙන්රි ජයසේන මහතා විසින් සිංහලට පරිවර්ථනය කරමින් රචනා කල මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ  පුජිත ද මෙල් විසින්.

මෙහිදී, චාන්දනී සෙනෙවිරත්න, ක්ෂේවියර් කණිෂ්ක, මනුෂි ටානියා, බිම්සර සිල්වා යන රංගන ශිල්පින් ශිල්පිනියන්ගේ රංගන දායකත්වයෙන් නාට්‍ය වේදිකා ගත කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රමාත්‍යතුමිය කලාව හා සෞන්දර්ය පිළිබඳව සංවේදී වීම ඔස්සේ පුද්ගලයෙකුගේ ජීවිතය යහපත්වන බවත් සංස්කෘතියක් නොමැතිව පොහොසත් රටක් නිර්මාණය කල නොහැකි බවත් පැවසුවාය. සමාජය දෙස විවිධ කෝණයන්ගෙන් බැලීමට මෙවැනි කලා කටයුතු වලින් විශාල මෙහෙයක් සිදුවන බව පෙන්වා දුන් ගරු අග්‍රාමාත්‍යවරිය මෙම වේදිකා නාට්‍ය සංවිධානය කල, කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයට සිය ප්‍රශංසාව පළකළාය.

 

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පාර්ලිමේන්තුව යනු රළු තැනක් නොව, පුද්ගලයන්ට සංවේදී ස්ථානයක් බව විදහා දැක්වෙන විශේෂ අවස්ථාවක් බවත් මානව සම්බන්ධතා තවදුරටත් රැකගැනීමට පවතින සුවිශේෂිතම දෙයක් ලෙස මෙවැනි කලා කටයුතු හඳුන්වාදිය හැකි බවත් පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකාවේ කලා සහ සංකෘතික කටයුතු ප්‍රවර්ධනය හා වෙනුවෙන් කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ දායකත්වය ඉදිරියේදී ලබාදීමට වැඩසටහන් රැසක් සුදානම් කර ඇති බව එම සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් මෙහිදී අදහස් දක්වමින් පැවසුහ.

මූලාශ්‍රය - 'Parliament of Sri Lanka' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි.

මතු දැක්වෙන්නේ  “පළිඟු රෑන” වේදිකා නාට්‍යය වෙදීකාගත වීමේ විශේෂ අවස්ථා කිහිපයක්.

 

571441695 1194195419522922 1361201957028231440 n

571253423 1194195839522880 1001669328859632282 n

569191103 1194196082856189 3261233069825263764 n

569286440 1194194722856325 7553124336110975773 n

571155677 1194195359522928 2224795768289189761 n

571151756 1194194742856323 8224454122184250388 n

570513282 1194195039522960 3716445660834088986 n

571152036 1194196842856113 8726336517587688826 n

571349344 1194195559522908 3003284701812296903 n

571350699 1194195226189608 6977818198590999809 n

 

 ඡායාරූප - parliment media

kemadasa

shungara

Back to top
Go to bottom