සම්මානනීය සිනමා අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කළ ‘වයිෆ්’ නවතම සිංහල චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ප්‍රදර්ශන මණ්ඩල සාමාජිකයන්ට සහ සිනමා ශාලා හිමියන් වෙනුවෙන් පසුගියදා, (2015.10.23) CCC Scoop සිනමා ශාලාවේදී පැවැත්වුණා.
‘වයිෆ්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මෙරට ජනකාන්තම නළු නිළි දෙපළක් වන හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය විසින්.
හැඟීම් බිදී ගිය සිනමාකරුවෙකුගේ ජීවිත කතාවක් වටායී මෙහි කතාව ගලා යන්නේ.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ වරුණ අරඹගේ විසින්.
ශමීර නාඔටුන්න විසින් අධ්‍යක්ෂණය කල 3 වන සිනමාපටය මෙය වන අතර මීට පෙර ඔහු විසින් ‘මෝටර් බයිසිකල්’ සහ ‘සිහින නෙලුම් මල්’ යන චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට තිලිණ කළා.
‘වයිෆ්’ චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.
පහතින් දැක්වෙන්නේ පසුගියදා පැවති විශේෂ දර්ශනයේ අවස්ථා කිහිපයක්.
ඡායාරූප හිමිකම ‘Shifter Photography’ සතුයි.
(ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැකියි.)
https://mirrorarts.lk/news/11839-photos-3#sigProIda305cfa136




