ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක සුදේශ් වසන්ත පීරිස්ගේ නවතම සිනමා නිර්මාණය "රතී" චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා(18) ) නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම, නළු නිළියන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූවා.
"රතී" චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා ඩිස්නි රාජපක්ෂ සහ චමීර ලියනගේ එක්වන අතර, ඒ සමගින්,
චාන්දනි සෙනෙව්රත්න, ප්‍රියංකා සමරවික්‍රම, ශ්‍යාම් ප්‍රනාන්දු, ගීතා කාන්ති ජයකොඩි, කුමාර තිරමාදුර, මධුෂාන් නානයක්කාර, නිමල් ජයසිංහ, උපතිස්ස බාලසුරිය, ඩයනා ගමගේ, අයේෂා මධුෂානි, මහින්ද ඉහලගම, ඉෂාන් මෙන්ඩිස්.. ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
චිත්‍රපටයේ තිර පිටපත සරත් ධර්මසිරි විසින් රචිත අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශ්‍රීමාල් සොයිසා සහ සුරංග අමරසූරිය විසින්.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන්- ගාම්ණි මොරගොල්ලාගම, සහාය අධ්‍යක්ෂණයෙන්- ව්මල් දේශප්‍රිය, ඇදුම් නිර්මාණයෙන්- ප්‍රියාන් ශ්‍රී, ව්ධායක කලා අධ්‍යක්ෂණයෙන්- සරත් සමරව්ක්‍රම, කලා අධ්‍යක්ෂණයෙන් - චන්දන ප්‍රියංකර, සංගීතය- කේශාන් පෙරේරා, වේශ නිරූපණය- රොඩ්නි වැන්ටුවෙස්ට් එක්වෙනවා.
“රතී” චිත්‍රපටය සුදේෂ් වසන්ත පීරිස්ගේ 25 වන සිනමා අධ්‍යක්ෂණය ලෙස සනිටුහන් වන අතර මීට පෙර ඔහු විසින් "සීරුවෙන්, හුස්ම, 64 මායම්..." ඇතුළු චිත්‍රපට 24ක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.
චිත්‍රපටයේ රූගත කිරීම් දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතයි.
මතු දැක්වෙන්නේ පසුගියදා පැවති චිත්‍රපටයේ මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක්.
සියළු ඡායාරූප හිමිකම Shifter Photography සතුයි.














