lan englan tam

පුවත්

“අදිරන්” දෙමළ හා සිංහල භාෂා දෙකෙන්ම දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දෙමළ හා සිංහල භාෂා දෙකෙන්ම නිකුත් වන ලාංකික දමිළ චිත්‍රපටයක් වන “අදිරන්” දැන් දිවයින පුරා සිනමාශාලා රැසකදීම තිරගත වෙනවා.

මෙරට ජනප්‍රිය නළු නිළියන් දෙපළක් වන සුදර්ශන් රවීන්ද්‍රන්, මිෂෙල් දිල්හාරා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වන අතර,

ඒ සමගින් එල්‍ රෝයි අමලතාස්, ක්‍රිශාන් විනෝදන්, ශ්‍යාමලා නිරංජන්, අරුන් සුසීන්, ජමාල්ඩීන් මුසාමිල්, සෙල්වරාජ් ලීලා, දුලාෂි කෝන්හගවත්ත, ඩිලාන් බාලකුමාර්, ශ්‍යාමලා නිරංජන.. ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>> 

 

"අදිරන්" චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිර රචනය සිදු කළේ තිනේෂ් කනගරාජ් විසිනි.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඇන්ටන් රමේෂ් ඩෙලසෙල්ෆ් විසින් වන අතර චිත්‍රපටය  Adrian Productions ඉදිරිපත් කිරීමක්.

100% ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ නිර්මාණයක් වන "අදිරන්" චිත්‍රපටය නරඹන්නට ඔබත් ළගම සිනමා හලේදී එක්වන්න.

චිත්‍රපටය තිරගත වන සිනමා ශලා වල විස්තර පහතින් දැක්වේ.

 

592580658 122236152980249237 8060260271020558106 n

596621628 122236162814249237 795469603662139394 n

596406063 122236212728249237 1863973037295978724 n

 

 

kemadasa

Back to top
Go to bottom