ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ රිවර්ස්ටන්" චිත්‍රපටය වෙනුවෙන් නැවතත් ජාත්‍යන්තර සම්මාන දිවිත්වයක් හිමිව තිබෙනවා.
ඒ 36 වන සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේදීයි. (SGIFF)
මෙහිදී ආසියානු වෘතාන්ත චිත්‍රපට අංශය යටතේ,
විශිෂ්ඨතම අධ්‍යක්ෂණයට හිමි (Best Director award) සම්මානය ලලිත් රත්නායකට හිමිවූ අතර,
විශිෂ්ඨතම රංගනයට හිමි (Best Performance) සම්මානය ජයහ්‍රහණය කිරීමට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් වූවා.
ඒ අනුව මෙම විශිෂ්ට ජයග්‍රහණය සනිටුහන් වන්නේ“රිවර්ස්ටන්” චිත්‍රපටය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන හිමි වන තෙවන අවස්ථාව ලෙස වන අතර මීට පෙර ඉන්දියාවේ කොල්කටා හා චීනයේ ෂැන්හයි ජාත්‍යන්තර සිනමා උළෙල වලදීදි චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූවා.
Riverstone” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ විසින් වන අතර ප්‍රභාත් රෝෂන් එහි කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළා.
නැවත නැවතත් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙමින් අන්තර්ජාතික වේදිකාවේ ශ්‍රී ලාංකීය සිනමාව ඔසවා තැබූ සම්මාන ලාභී ලලිත් රත්නායක හා මහේන්ද්‍ර පෙරේරා ඇතුළු චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන කාණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්.



