lan englan tam

පුවත්

විනිශ්චය අවි-නිශ්චිතය! “ෆාදර්” ජනවාරි 9 දා එන බව නිශ්චිතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ "ෆාදර්” (Father) නවතම සිංහල චිත්‍රපටය එළඹෙන ජනවාරි 9 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වන බව නිවේදනය කොට තිබෙනවා.

 

597383113 122167655606755324 3864163213903404385 n

"ෆාදර්” චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ 70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙනයි.

සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක.... ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

චිත්‍රපටයේ තිර රචනය චමින්ද කොඩිතුවක්කු විසින් වන අතර,

මෙය  EMIKA PRODUCTION නිෂ්පාදනයක්.

 

ඉතින්, ජනවාරී 09 වනදා සිට සිට  ළගම සිනමා ශාලාවේදී "ෆාදර්” චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂක ඔබට එක් විය හැකියි.

විනිශ්චය අවි-නිශ්චිතය!

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>>

 

kemadasa

Back to top
Go to bottom