lan englan tam

පුවත්

හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා හා බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් පුත්‍රයා අත්අඩංගුවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන රොබ් රයිනර් සහ ඔහුගේ බිරිඳ (මිෂෙල් සිංගර් රයිනර්) ඔවුන්ගේ ලොස් ඇන්ජලීස් නිවසේදී මියගොස් සිටියදී සොයා ගැනීමෙන් පසු,

ඔවුන්ගේ පුතෙකු මේ සම්බන්ධව ඝාතන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව සඳුදා ප්‍රකාශ කළේ, 32 හැවිරිදි නික් රයිනර් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඇප රහිතව රැඳවුම් භාරයේ සිටින බවයි.

මියගිය යුවළගේ 28 හැවිරිදි දියණිය වන රෝමි පසුගිය ඉරිදා ඔවුන්ගේ නිවසේදී ඇගේ දෙමාපියන්ව කිහිප වතාවක් ඇන තුවාල කර ඇති අයුරු සොයා ගත් බව බීබීසීයේ එක්සත් ජනපද සහකරු වන CBS පුවත් වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් මෙම මරණයන් සම්බන්ධව නික් රයිනර් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතත් විමර්ශකයින් ප්‍රසිද්ධියේ ඝාතනයට හේතුවක් පැහැදිලි කර නොමැති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බව පැවසෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ඔහු පිළිබඳ මීට පෙර ද තොරතුරු තිබූ බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. 

නික් රයිනර් මීට පෙර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ නිවාස නොමැතිකම පිළිබඳව තමා මුහුණ දුන් අරගලයන් ගැන ප්‍රසිද්ධියේ කතා කර තිබෙන අතර, ඔහුගේ අත්දැකීම් ඔහු 2015 දී ඔහුගේ පියා සමඟ එක්ව නිර්මාණය කළ බීං චාලි (Being Charlie) නම් අර්ධ-ස්වයංචරිතාපදාන චිත්‍රපටයේ පදනම විය.

චිත්‍රපට අධ්‍යක්ෂක රොබ් රයිනර් ඔහුහේ දෙවෙනි පුත් නික් රයිනර් සමග

 

මියගිය ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක රොබ් රයිනර් (When Harry Met Sally)', (This is Spinal Tap)',  (Stand By Me)',  (Misery)' සහ  (A Few Good Men)' ඇතුළු විවිධ ප්‍රභේදවල සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රකට අධ්‍යක්ෂවරයෙක් විය.

රොබ් රයිනර්ගේ බිරිඳ මිෂෙල් රයිනර් නිළියක්, ඡායාරූප ශිල්පිනියක් සහ නිෂ්පාදකවරියක් වූ අතර, ඡායාරූපකරණ ආයතනයක් සහ නිෂ්පාදන සමාගමක් වන රයිනර් ලයිට් (Reiner Light) හි නිර්මාතෘවරිය ද විය.

 

b6a2faa0 d9f3 11f0 ac1b 4520674608e4.jpg 1රොබ් රයිනර් සහ ඔහුගේ පුත් නික් ඇතුළු පවුලේ අය චිත්‍රපට මංගල දර්ශනයකට සහභාගී වූ අවස්ථාවක

රොබ් රයිනර් ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂකයින්ට සහය දැක්වූ සහ තම දේශපාලන ක්‍රියාකාරීත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අයෙකු ලෙස ද ප්‍රකට විය.

ඔහු ලිබරල් මතවාද සහ ඩිමොක්‍රටික් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි අයෙක් විය.

ඔවුන්ගේ මරණය "ඉතා දුක්බර" බව පවසමින් පළ කළ සටහනක,ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රයිනර් විවේචනයට ලක් කරමින් කියා සිටියේ, ට්‍රම්ප් විරෝධී උමතුව (Trump Derangement Syndrome) සමඟ ඔහුට තිබූ "විශාල, නොනැමෙන සහ සුව කළ නොහැකි පීඩාව" නිසා ඔහු අන් අයට ඇති කළ කෝපය හේතුවෙන් ඔවුන් "වාර්තාගත පරිදි" මිය ගිය බවයි.

ජනාධිපතිවරයාගේ මෙම සටහන සම්බන්ධයෙන් රිපබ්ලිකානුවන් කිහිප දෙනෙක් ඔහු විවේචනය කළ අතර, හිටපු සගයෙකු වූ මාජරි ටේලර් ග්‍රීන් පැවසුවේ මෙම මරණ "දේශපාලනය හෝ දේශපාලන සතුරන් ගැන නොව පවුල් ඛේදවාචකයක්" බවයි.

"මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ මානසික සෞඛ්‍ය ගැටලු සහිත පවුලේ සාමාජිකයෙකු සමඟ බොහෝ පවුල් කටයුතු කරයි. එය ඇදහිය නොහැකි තරම් දුෂ්කර වන අතර විශේෂයෙන් එය මිනීමැරුමකින් අවසන් වන විට සංවේදනයෙන් යුතුව එයට මුහුණ දිය යුතුය," යැයී ඇය පැවසුවාය.

මූලාශ්‍රය - BBC

 

kemadasa

Back to top
Go to bottom