lan englan tam

පුවත්

‘මලකි දුවේ නුඹ’ 2026 ආරම්භය සමගින් රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ප්‍රේමයනම්","රූකඩ පැංචි" වැනි අපූර්ව සිනමා නිර්මාණ ඔබ වෙත ගෙන ආ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන දෙසොහොයුරන් විසින් අධ්‍යක්ෂණය කළ ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටය,

එළඹෙන 2026 වසරේ ජනවාරි 02 වනදා සිට EAP සිනමා මණ්ඩලය ඇතුලු දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

 

600276938 2911560775714359 7911014356241653826 n

 

පවුලක් වටා ගෙතෙන සංවේදී කතා තේමාවක් රැගත් මේ චිත්‍රපටයට රංගනයෙන් මාලනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, කුශේන්‍යා ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්ව තිබෙනවා.

අප අතරින් නික්ම ගිය හෙළ සිනමාවේ නිළි රැජින මාලනි ෆොන්සේකා අවසන් වරට රගපෑ චිත්‍රපටයද මෙය වන අතර ඇය තම පරම්පරා දෙකක් සමග රංගනයෙන් එක්වූ ප්‍රථම චිත්‍රපටයද මෙයයි.

චිත්‍රපටය නිෂ්පාදනය කළේ වෛද්‍ය ලක්ෂ්මන් මාකදුර සහ කුලරත්න ආරියවංශ විසින්.

 

ඉතින්, 2026 නව වසර ආරම්භයේ "මලකි දුවේ නුඹ’ පවුලේ සැවොම එක්ව නරඹන්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව උදා වෙනවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>>

 

kemadasa

Back to top
Go to bottom