” අහස ගව්ව ” බඹරු ඇවිත් ” “එයා දැන් ලොකු ලමයෙක් ” “පාර දිගේ ” “පොන්මනි ” “සොල්දාදු උන්නැහේ ” “මතු යම් දවස” සහ “සක්කාරං ” චිත්‍රපට අධ්‍යක්ෂනය කල ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ නවතම චිත්‍රපටය “ස්වරූප”(Swaroopa) ලගදීම තිරගතකිරීමට නියමිත බව මිර්ර් ආට්ස් වෙත වාර්තා වේ.
මෙය ප්‍රාන්ස් කෆ්කාගේ The Metamorphosis කෙටි නවකතාව ඇසුරින් එරික් ඉලයප්ආරච්චි සහ ධර්මසේන පතිරාජ අනුවර්තනය කරන ලද්දකි.
මෙහි කතා ශාරය ග්‍රෙගරි සැම්සන් වටා ගෙතුනි. ඔහුගේ පවුල වූ අම්මා,තාත්තා සහ නැගණිය ගේ සියලු බර කරට ගැන්මට ඔහුට සිදුවූ අතර වෘත්තියක් ලෙස ඔහු පාමසි වෙළද නියෝජිතයෙක් වූවද , ආර්ථික ගැටළු වලින් ඔහුට ගොඩ ඒමට එතරම් පහසු වුයේ නැත.ඔවුන් සිටියේද කුලී නිවසකය .එහි කුලී ගෙවීමත් පවුලේ උදවියට කෑම බීම සහ අනෙක් අවශ්‍යතා සපුරාලීමත් ,තම නැගණියගේ වයලීන් පන්තියට මුදල් ගෙවීමත් සියලු දෙයම කිරීමට සිදුවුයේ
ග්‍රෙගරි සැම්සන්ට ලැබෙන සුළු වැටුපෙනි . එක් උදයක ග්‍රෙගරි සැම්සන් අවධි වන විට ඔහුව විශාල කෘමිනියෙකුට පරිවර්තන වී තිබුණි. එතැන් සිට කථාව දිව ගියේ අරුම පුදුම ලෙසය .
මෙම කතාව පසුබ්ම් වුයේ යටත් විජිත හා මුල් පශ්චාත් යටත් විජිත ලංකාවෙහි සිදුවෙමින් පවත්නා සමාජ පරිවර්තනයන් පසුබිමෙහි ය.
මෙහි ප්‍රධාන චරිතය වූ ඩබ්ලියු. ජයසිරි රගපාන අතර සෙසු චරිත නීටා ප්‍රනාන්දු, දයා තෙන්නකෝන්, විමල් කුමාර දී කොස්තා
ලක්ෂ්මන් මෙන්ඩිස් ,ඩී.බී. ගංගොඩතැන්න, විශ්වනාත් ගුණසේකර ,විසින් රග දැක්විය. කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්න, ,සංස්කරණය එල්මෝ හැඩ්ලි හා සංගීතය නදීක ගුරුගේ විසිනි .
“ස්වරූප” ආචාර්ය ධර්මසේන පතිරජා ගේ විශිෂ්ටතම අධ්‍යක්ෂණයකි.
"ස්වරූප" දිවයින පුරා RITHMA සහ CEL සිනමාහල්වලදී ළගදීම බලාපොරොත්තු වන්න.
https://mirrorarts.lk/news/1671-swaroopa#sigProId4cbf64737e