“ආකාසට්ටයෝදභුම්මට්ටයෝද, ප්රේතපිසාචකුම්භාණ්ඩයෝද, මනුෂ්‍යයෝද, තිරශ්චීනයෝදඈසියල්ලෝඈටනමස්කාරකළාහුය. ඇගේශාශනයබොහෝකල්රක්නානිමිතිඅහසෙහිදපොළොවෙහිදපහළවිය.”-නේරංජනේස්නානේ-(පිටු 11)
‘නේරංජනේ ඉස්නානේ’ 29 දා එළි දැක්වේ 2000 වසරේදී අතිශය ආන්දෝලනයට මෙන්ම නොනිල තහනමකට ලක්වූ කේ.කේ සමන් කුමාරගේ
‘නේරංජනේ ඉස්නානේ’ නවමුද්‍රණය අගෝස්තු 29 වන අඟහරුවාදා සවස 3.00ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ.
ස්ත්රීමය ලේඛනය, ස්ත්‍රීවාදය, මනෝවිශ්ලේශනය හා බෞද්ධ ප්රංඥ මාර්ගික සාහිත්‍යය යන මානයන් ඔස්සේ මේ පිළිබඳව හෂිත අබේවර්ධන, ලංකා බණ්ඩාරනායක සහ විදර්ශන කන්නංගර අදහස් දක්වනු ලබන අතර කතිකාව මෙහෙයවීම අසංක සායක්කාරගෙනි.
‘නේරංජනේ ඉස්නානේ’ අහස් ප්රකාශනයකි.
”ඈ නැඟී සිටියාය. සියලූ කිලි කුණු ඒ අනෝරාවෙන් සේදී ගොස් තිබිණි. ඈ දෙපා අසල රන් කගක් විය. ඈ එය අතට ගත්තාය.
”සන්තානගත සකල ක්ලේශයෙහිම නිමිත්තක් බඳු වූ ඒ කේශ කලාපය සිඳ විසි කළාය. එකල්හි ඒ අහසෙහි මඳක් රැඳී තිබිණි.
”ඈ තම සිරුරෙහි එල්ලී තිබූ වැරැුලි කිහිපය ගලවා දැමුවාය. අනතුරුව ඕ නේරංජනයට බැස්සාය. එහි සැනහෙමින් නෙළුම් පතක් කඩා ‘මාගේ අධිෂ්ඨානය පරිදි වේවයි.’ කීවාය. එකල්හි ඒ උඩුගං බලා ඇදිණි.
”ඈ නේරංජනයෙහි සැනහෙමින් එගොඩට පිහිනී. ඉවුරට ගොඩව මෙගොඩ බැලී. මෙතුවක් දවස් තමා පසුපස තමාගේ මේ විපරියාසයෝ දර්ශනය කළ සතා සතුන් සියල්ලෝ තවදු එක එල්ලේ බලා සිටියෝය.
”ඈ උනට පිටු පා ඒ වන ගහනය තුළ නොපෙනී ගොස් බොහෝ වේලා යන තෙක්ම උහු ඒ බැල්මෙන්ම එදෙස බලා හුන්නෝය.”
නේරංජනේ ඉස්නානේ 148 පිට.