හේමාල් රණසිංහ කියන්නේ වර්තමාන ලාංකේය වාණිජ සිනමාවේ ඉතා ජනප්‍රිය සහ ඉහල තලයේ වැජඹෙන තරුවක් කියන කාරණය අවිවාදයෙන් පිළිගත හැකියි.
සමාජජාලා මධ්‍ය ඔස්සේ ද නිතර සිය අදහස් දක්වන ඔහු පසුගිය දිනක සිදු කළ සැර ප්‍රකාශයක් ගැන මිරර් ආට් වෙත වාර්තා වුණා.
“රටක් හැටියට අපි වැඩිපුරම අහන්නේ බයිලා. ඇයි? භාවාත්මක සංකල්ප - මීතොටමුල්ල දින කිහිපයක් තිබිලා , නැවතුණා...., ගංවතුර සති කිහිපයකට සිමා වුණා නැවතුණා ...., දූෂණ හා වංචා අවුරුදු කිහිපයක් විතරයි නැවතුණා ...., රිද්මයකට ගමන් කරන එක විතරයි.
ඊට පස්සේ රෑට තනිකරම වාද බයිලා...කිසිම හරයක් නෑ...ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ...
ඊළඟ දවසේ,
මෙවලම් - රාජ්‍ය මාධ්‍ය, අනෙකුත් මාධ්‍ය ,නිදහස් යැයි කියාගන්නා සංගම්, සංවාද සහ තවත් දෑ.
ඔක්කෝම එකතු කරල 6/8 බිට් එකට දුන්නම කොච්චර හිතන්න තිබුනත් මිනිස්සු ඔහේ නිකම්ම අප්පුඩි ගහනවා...
රටක් හැටියට අපි මාර දියුණුයි සමාජීය, සංස්කෘතික, ආකල්පමය , ආර්ථිකමය බ්ලා බ්ලා බ්ලා....(කැමති බර වචනයක් දාගන්න..),”