සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් රංගන දායකත්වය සපයන නවතම හින්දි චිත්රපටය Secret Superstar එළඹෙන ඔක්තෝබර් මාසයේ දී තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.
අගෝස්තු 4 වැනිදා චිත්රපටය තිරගත කිරීමට මිට පෙර කටයුතු යොදා තිබුනත් නොවැලක්විය හැකි හේතුවක් මත නිෂ්පාදකයන් විසින් එය කල් දැමීමට කටයුතු කරන ලදි.
කෙසේ වෙතත් නවතම බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරන්නේ Secret Superstar ඔක්තෝබර් මස 19 වැනිදා සිට ලොව පුරා ප්රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව සැලසෙන බවයි.
සුපිරි තාරකාවක් වීමට සිහින දකින නව යොවුන් තරුණියක් සහ සුපිරි ගායන තරුවක් වටා ගෙතී ඇති Secret Superstar චිත්රපටය අධ්යක්ෂණය කර ඇත්තේ අද්වාත් චන්දන් විසිනි.
නිෂ්පාදන කටයුතු අමීර් ඛාන් නිෂ්පාදන සමාගම විසින් සිදු කර ඇත.
සිනමාපටය සඳහා ප්රධාන රංගන දායකත්වය සපයන්නේ අමීර් කාන් සමග සයිරා වසීම් ය.