ස්වර්ණ පුස්තක සම්මාන 2017 අවසන් වටය සදහා මධ්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කෙරෙන නවකතා 5 නම් කිරීම අද (14 ) සවස 3.00 ට බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.
2016 වසරේ ප්‍රකාශිත නවකතා 93 ක් අතුරින් නවකතා 12 ක් පසුගිය ජූනි මසදී දෙවන වටය සදහා නිර්දේශ කර තිබේ.
ඒ අතුරින් අවසන් වටය සදහා නිර්දේශ කෙරෙන නවකතා 5 නම් කිරීම අද දින සිදු කෙරේ.
දෙවන වටය සදහා නිර්දේශිත නවකතා 12 මෙසේය,
සුවඳ සන්නිය - සේපාලි මායාදුන්නේ - ගොඩගේ ප්‍රකාශන
න ගච්ඡති - පද්මිණි සෙනෙවිරත්න - ගොඩගේ ප්‍රකාශන
සිය සිය පත්සිය - සුමිත්‍රා රාහුබද්ධ - ප්ලැට් ෆෝම් ෆෝ ඕටර්නේටිව් කල්චර්
හඳ පළුව තනි තරුව - නිශ්ශංක විජේමාන්න - විදර්ශන ප්‍රකාශන
රැජින - මොහාන් රාජ් මඩවල - බිසෝ ප්‍රකාශන
ගරුඬ මුහුර්තය - කීර්ති වැලිසරගේ - සරසවි ප්‍රකාශකයෝ
වණ්ණ දාසී - කත්‍යානා අමරසිංහ - සූරිය ප්‍රකාශකයෝ
නිකිණි කළුවර - දීප්ති මංගලා රාජපක්ෂ - ගොඩගේ ප්‍රකාශන
සප්තපර්ණී - සුසන්ත මහඋල්පත - ගොඩගේ ප්‍රකාශන
භෂ්මාවශේෂ - චන්ද්‍රසිරි දොඩංගොඩ - සුරස ප්‍රකාශන
ප්‍රංශ පෙම්වතා - ශමෙල් ජයකොඩි - සරසවි ප්‍රකාශකයෝ
අංගනා - ශාන්ති දිසානායක - සරසවි ප්‍රකාශකයෝ
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල එළැඹෙන සැප්තැම්බර් මස 9 වන දින බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.