තමන් ඉදිරිපත් කරන සෑම චරිතයක් ඔස්සේම, නිතරම ප්‍රේක්ෂකයාට දැනෙන වෙනසක් කිරීමට උත්සහ කරන රංගන ශිල්පිනියක් ලෙස දුලීකා මාරපන හඳුන්වනට පුළුවන්.
දේශීයත්වය මෙන්ම සොබා දහම ආරක්ෂා කරගැනීම උදෙසා තම හඬ අවධි කරන්නටත් ඇය පසුබට වන්නේ නම් නැහැ.
දුලීකා සිය රංගන දායකත්වය සපයන නවතම සිනමාපටය සුපර්ණා කියන්නෙත් ඒ වගේ සොබා දහම රැකගැනීම උදෙසා නිමවුණු චිත්‍රපටයක් යන වග අපට වාර්තා වුණා.
කොහොම වුණත් ඇය සිය රසික රසිකාවියන්ගෙන් මෙන්න මේ විදියේ ඉල්ලීමක් කරලා තිබුනා.
“මගෙ රත්තරන් මිතුරනි , හෙට උපදින දරුවන් වෙනුවෙන් සුරකිමු දේශය.......
සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත කරනු ලබන නිහතමානී ඉල්ලීමයි. මෙම පණිවිඩය අවම වශයෙන් පස් දෙනකු අතර හෝ බෙදා හරින්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් පස් දෙනකු වෙත හෝ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් මෙම දාමය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරන්න.
- 1 මාර්ග පුරා කුණුකසල දමන්න එපා.
- 2 මාර්ග සහ බිත්තිවලට කෙල නොගසන්න.
- 3 තාප්පවල මුදල් නෝට්ටුවල කුරුටු ගෑමෙන් වළකින්න.
- 4 අනෙක් පුද්ගලයන්ට අපහාස සහ පරිභව නොකරන්න.
- 5 ජලය සහ විදුලි සම්පත සුරකින්න.
- 6 ගසක් පැල කරන්න.
- 7 මාර්ග සංඥා පිළිපදින්න.
- 8 තමන්ගේ දෙමාපියන් මෙන්ම ඔවුන්ගේ දෙමාපිය රැක බලාගන්න. ඔවුන්ට ගරු කරන්න ආශීර්වාද ලබා ගන්න.
- 9 කාන්තාවන්ට ගරු කරන්න.
- 10 ගිලන් රථ සඳහා ඉඩ ලබා දෙන්න.
- 11 අයාලේ යන සහ වන සතුන්ට උපකාර කිරීමට ඔබට නොහැකි නම් අඩුම තරමින් ඔවුන්ට හිරිහැර නොකරන්න කාරුණික වන්න.
රට වෙනස් කිරීමට කලින් අපි වෙනස් වී සිටිය යුතුයි. අපි අපි තුලින්ම වෙනසක් ඇති කළොත් රට ඉබේටම වෙනස් වේවි.
අපේ දරුවන්ට පිරිසිදු, ආරක්ෂිත රටක් ඉතුරු කරන්නට අවශ්‍ය නම් මේ දේවල් දිනපතා ජීවිතයේදී පිළිපදින්න පුරුදු වෙන්න.
කිසිම පුද්ගලයකුටවත් නායකයකුටවත් තනිවම රට වෙනස් කළ නොහැකියි. අපි අපි තුලින්ම වෙනස් වුනොත් එය ඔබට මට පවා සිදු කළ හැකියි,”