නවකතාවක් ඇසුරෙන් මෙරට නිර්මාණය වූ පළමු සිංහල සිනමාපටය වූ කැලෑ හඳ ඇසුරෙන් තැනෙන ටෙලිසිතුවමේ වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි මිරර් ආට්ස් වෙත වාර්තා වේ.
කැලෑ හඳ නවකතාව එවකට ප්‍රකට ගත් කතුවරයෙකු වූ ඩබ්. ඒ. සිල්වාගේ කෘතියකි. සිංහල සිනමා සංස්කෘතියට නැවුම් වූ අත්දැකීමක් එක් කිරීමට මෙම චිත්‍රපටය සමත් විය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන් නිර්මාණය කරන ලද්දේ ස්ටැන්ලි පෙරේරා හා රුක්මණී දේවියයි.
කැලෑ හඳ නමින්ම නිර්මාණය වන එම ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරනු ලබනුයේ සම්මානනීය අධ්යක්ෂ දයාරත්න රටගෙදර විසිනි.
එදා ජෝන් ජයපාල ලෙස ස්ටැන්ලි පෙරේරා රංගනයෙන් දායක වූ චරිතය පුංචි තිරයේ විචිත්‍රවත් කරනුයේ අරවින්ද දොඹගහවත්ත විසිනි. රුක්මණී දේවී මැවූ මාලනී මෙවර තාරකා වන්නිආරච්චි විසින් නිරූපණය කරනු ලබයි.
අනෙකුත් චරිත විජේරත්න වරකාගොඩ, වීණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල් ආදී නළු නිළියන් විසින් නිරූපණය කරනු ලබයි. කැලැ හඳ සිනමාපටයට අන්තර්ගත වූ ඉතාමත් ජනප්‍රිය ගීත යුවළක් වන මායා සහ මැවිලා පෙනේවි රූපේ කැලෑ හඳ ටෙලි සිතුවමට ද ඇතුළත් වේ.
ජාතික රූපවාහිනිය සමඟ නිමල් උඳුගොඩ සහ ආරියනන්ද දොඹගහවත්ත නිෂ්පාදනය කරන කැලෑ හඳ ටෙලි සිතුවමේ කලා අධ්‍යක්ෂණය හීනටිගල ප්‍රේමදාසගෙනි. දීපාල් ගුණවර්ධන සහ නාරද රත්නායක සහාය අධ්‍යක්ෂවරුන්ය. ප්‍රියනාත් රත්නායකගේ සංගීත අධ්‍යක්ෂණයකි. කැලෑ හඳ කෘතිය රචනා කරන ලද්දේ විශිෂ්ට නවකතාකරු ඩබ්ලිව්. ඒ. ද සිල්වා විසිනි. ඒ ඇසුරෙන් අජිත් මෙන්ඩිස් කැලෑ හඳ ටෙලි සිතුවමේ රචනය නිමකොට තිබේ. කැලෑ හඳ සිනමා සිතුවම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ අධ්‍යක්ෂණයකි.