ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘ස්වර්ණ පුස්තක සම්මාන 2017' සඳහා දෙවන වටයේ නවකතා 12 අතුරින් අවසන් වටය කෙටි ලැයිස්තුගත කිරීම අද (14) සිදුවූ අතර එහිදී,
"සිය සිය පත් සිය" - සුමිත්‍රා රාහුබද්ද
"වණ්ණදාසි " - කත්‍යානා අමරසිංහ
"ගරුඩ මුහුර්තය" - කීර්ති වැලිසරගේ
”ප්‍රංශ පෙම්වතා" - ශාමෙල් ජයකොඩි
"හඳ පළුව තනි තරුව" - නිශ්ශංක විජේමාන්න
යන නවකතා පහ කෙටි ලැයිස්තුගත විය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘ස්වර්ණ පුස්තක සම්මාන 2017' සම්මාන ප්‍රධානයට අනුව 2016 වසරේ ප්‍රකාශිත නවකතා 100 ක් අතුරින් පාදක මණඩලය විසින් දෙවන වටය සදහා නිර්දේශ කරන නවකතා 12 හෙවත් දීර්ඝ ලැයිස්තුවෙන් අවසන් වටයේ පොත් 5 නම්කළේය.
මෙම නවකතා 12 අතුරින් අවසන් වටය සදහා නිර්දේශ වන නවකතා 5 නම් කිරීම හෙවත් කෙටි ලැයිස්තුගත කිරීම අද සිදුවූ අතර පස් දෙනෙකුගෙන් යුතු මධ්‍යම මණ්ඩලය විසින් සිදුකරන ලදී.
2016 වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් ස්වර්ණ පුස්තක සම්මානය හිමිවන විශිෂ්ටතම නවකතාව නම් කිරීම පස් දෙනෙකුගෙන් සුසැදි උත්තරීතර මණ්ඩලය විසින් සිදුකිරීම හා එම සම්මාන ප්රදානෝත්සවය සැප්තැම්බර් මස 10 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙනු ඇත.