ලොව සුප්රකට ගේම් ඔෆ් ත්රෝන්ස් කතා මාලාවේ කතා අංගයක් විකාශය වීමට පෙර අන්තර්ජාලය වෙත මුදා හල බවට සැක කළ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලිසිය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට පත් වූවන්ගෙන් තිදෙනෙක් ප්රයිම් ෆෝකස් ටෙක්නොලොජි සමාගමේ සේවකයන් ලෙස කටයුතු කරයි. අනෙක් පුද්ගලයා එම සමාගමේ හිටපු සේවකයෙකි.
මුම්බායේ පිහිටි එම සමාගම ඉන්දීය විකාශන ආයතනයක් වන හොට්ස්ටාර් සඳහා කතා මාලාවන් ගබඩා කර තබා ගන්නා සමාගමකි.
වැඩි වතාවක් පරිගණක හැකර් ග්රහණයට නතු වූ ටෙලි මාලාව බවට මේ වන විට ගේම් ඔෆ් ත්රෝන්ස් පත්ව තිබේ.
එහි හත් වැනි කතා මාලාවේ සිව් වැනි කතාංගය විකාශය කිරීමට පෙර එනම් අගෝස්තු 4 වැනිදා අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණි.