කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රීපාලි මණ්ඩපයේ අවසන් වසර නර්තන කණ්ඩායම විසින් සිදු කරනු ලබන “ශස්ත්‍ර” නිර්මාණාත්මක ප්‍රසංගය එළැඹෙන 24 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට සහ 6.30 ට අරුන්දතී ශාලාවේ දී එළි දැක්වීමට නියමිතය.
"ශස්ත්‍ර", අතීතයේ නුවර කලාවියේ පැවැති කන්‍යා යාගය ඇසුරින් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහි නොවූ ආකාරයේ නිර්මාණාත්මක ප්‍රසංග අත්දැකීමත් දේශීය ජනශ්රැති ආශ්රයෙන් නිර්මාණය කිරීම මෙහි විශේෂත්වයයි.
"ශස්ත්‍ර” නර්තන නිෂ්පාදනය ශ්‍රී පාලි මණ්ඩපයේ නර්තන අංශයේ කථිකාචාරිනී රුවිනි බටුවංගල මෙනවියගේ මගපෙන්වීම යටතේ අවසන් වසර නර්තන කණ්ඩායමේ H.P තිළිණ දිලංක විද්‍යාර්ථයා විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.
https://mirrorarts.lk/news/1731-2017-08-22-03-03-50#sigProIdb92ee7b693