තම ගීත අනංමනං, එළකිරි සහ මියුසික් ඩොට් එල් කේ යන වෙබ් අඩවිවල ගබඩා කරගනිමින් ඒවා නොමිලේ බාගත කිරීමට හා සවන්දීමට හැකියාව ලබා දෙමින් සිය බුද්ධිමය දේපල අයිතිය කොල්ල කා ඇති බව පවසන ගීත හිමිකරුවන් පිරිසක් එකී සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට සුදානමක් ඇති බව වාර්තා වී තිබේ.
නැසීගිය කලාකරුවන්ගේ ඥාතීන් හා කලා කරුවන් පිරිසක් එකතුවී මෙසේ නඩු පැවරීමේ සුදානමක් ඇති බව වැඩිදුරටත් වාර්තා වී ඇත.
තම ගීත යොදාගනිමින් වෙබ් අඩවි අතර ජනප්‍රියත්වයට පත්ව ඒ ඔස්සේ මුදල් උපයන බවට ඔවුන් චෝදනා කර තිබේ.
එසේම ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින බැවින් එම වෙබ් අඩවිවලට ලංකාවේ බහුජාතික සමාගම් ඇතුළු සමාගම් දැන්වීම් ලබා දීමෙන් ද රිඟින් ටෝන් ඔස්සේ ද මුදල් උපයන බව ඔවුන් පවසා ඇත.
ඉදිරියේදී මේ සම්බන්ධව ජනපතිවරයා, අගමැතිවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට සුදානම් බව ද ඔවුහු සඳහන් කර තිබේ.
අදාල වෙබ් අඩවි විසින් කොල්ල කා ඇති ගීතවල හිමිකරුවන් සිටින්නේ නම් සිය එකතුවේ පොදු විද්‍යුත් ලිපිනය වන This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට පැමිණිල්ලක් ඉදිරිපත් කර තමන් හා එකතු වන ලෙසට ඔවුන් ඉල්ලීමක් ද කර ඇත.