සුප්රකට ඇමරිකානු ටෙලි මාලාවක් වන ගේම් ඔෆ් ත්රෝන්ස් 7 වන මාලාවේ 4 වැනි කොටස විකාශය කිරීමට නියමිතව තිබු දිනයට පෙර එය මුදා හැරීම සිදු කළේ සිය පෙම්වතිය උදෙසා බව යැයි අත්අඩංගුවට පත්වූ ඉන්දීය ජාතිකයන් සිව් දෙනාගෙන් එක් පුද්ගලයකු පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ 21 වැනි සඳුදා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමෙන් අතතුරුවය.
අගෝස්තු 7 වැනිදා විකාශය වීමට නියමිතව තිබු ගේම් ඔෆ් ත්රෝන්ස් හි 4 වැනි කොටස අගෝස්තු 4 වැනිදා අන්තර්ජාලය වෙත නිකුත් වී තිබුණි.
චෝදනා ලැබුවන්ගෙන් තිදෙනකු ගේම් ඔෆ් ත්රෝන්ස් හි ඉන්දීය විකාශන කටයුතු සිදු කරන ප්රයිම් ෆෝකස් ආයතනයේ සේවයේ නිරත වන අතර එක් අයකු මිට පෙර එහි සේවයේ නිරත වූ පුද්ගලයකි.
කතා මාලාවේ සිව් වැනි කොටස නැරඹීමේ කුතුහලයෙන් පෙළුණු චුදිතයන් අනවසරයෙන් එය සිදු කිරීමට පෙළඹී ඇත.
සිය පෙම්වතිය සතුටු කිරීම උදෙසා එක් පුද්ගලයකු වීඩියෝව ඇය වෙත ලබා දීමට ද කටයුතු කර තිබේ.
මෙම වීඩියෝව අන්තර්ජාලය පුරා සංසරණය වීමට හේතුව එය බවයි ඔවුන් පවසා ඇත්තේ.
ඔවුන් සිව් දෙනා අගෝස්තු 24 වැනිදා තෙක් පොලිස් අත්අඩංගුවේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.
කෙසේ වෙතත් ඉන්දීය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කිරීමට නියමිතය.