චන්දික විජේසේන අධ්‍යක්ෂණය කළ අලුත්ම ටෙලි නිර්මාණය කොන් කළ දෝණි එළඹෙන ඔක්තෝබර් මස 02 වැනිදා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය.
එහි රංගනයෙන් දායකත්වය සපයන්නේ බුද්ධදාස විතානාච්චි, ජනක කුඹුකගේ, ඩිනක්ෂි ප්‍රියසාද්, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, රත්නා ලාලනී, සරත් කොතලාවල, මාධනි මල්වත්තගේ, ගිරිරාජ් කෞශල්‍ය, සංජය රොඩ්රිගෝ, සුසන්තා චන්ද්‍රමාලි, කාවින්දා දුල්ශානි, ලක්ෂාන් වාත්තුහේවා ය.
කුමාර සිරිවර්ධනගේ රූපවාහිනි රචනයක් වන මෙය විරාජ් රත්නායකගේ නිෂ්පාදයකි.