ඔක්තෝබර් 10 වෙනස් වන ITN FM වැඩසටහන් වෙනස ජනමාධ්‍යයට ඊයේ (28) භෙළිකළා. ඒ, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාල ශ්රවණාගාරයට මාධ්‍යවේදීන් කැඳවමින්.
ලබන මස 10 වනදා සිට ශ්‍රාවක ජනතාවට ITN FM හි නව වැඩසටහන් ශ්‍රවණයට අවස්ථාව සලසා තිබෙනවා.
''ඇසෙන පෙනෙන දේ ගැනවත් අහෙන දේ ගැනවත් ට වඩා එයිට එපිටින් තිබෙන යථාර්ථය ගැන සිතීමට කාලය එළඹ ඇති බවයි වැඩසටහන් වෙනස ගැන ජනමාධ්‍යයට පැහැදිලි කරමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපති සමන් අතාවුද භෙට්ටි මහතා සඳහන් කළේ.
එසේම ඔහු ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් එක් කරමින් පවසා සිටියේ අපි කියන දේවල් අඩු පාඩු තිබෙන්න පුළුවන්, වැරදි තියෙන්න පුළුවන් අපිට පෙන්නා දෙන්න අපි කැමතියි හැම වෙලාවේම නිවැරදි වෙන්න. '' යනුවෙනි.
තරඟකාරී නාලිකා අතර ITN DM භාෂා ප්‍රතිපත්තිය ගැනද ප්‍රධාන විධායක නිලධාරි චන්දන තිලකරත්න මහතා පැහැදිලි කළා.
ඒ, මාධ්‍යවේදීන් FM නාලිකාවල භාෂාව පිළිබඳ යොමුකළ ප්‍රශ්නවලටද පිළිතුරු දෙමින්.
‘’10 වෙනි මාසේ 10 වෙනිදා ITN FM අලුත් ආරක වෙනසක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා වැඩසටහන් 10 ලංකාවේ සහ ලෝකයේ වෙසෙන සියලුම අසන්නන් වෙනුවෙන් තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වැඩසටහන් හැම එකකින්ම අලුත් දෙයක් අලුත් ආරක් ඇති කරන්න අපි වැයම් කරනවා.’’
ITN FM ගීත ප්‍රචාරණ ප්‍රතිපත්තිය ගැන ක්‍රියකාරී අධ්යක්ෂ විමල් කැටිපෙආරච්චි ප්‍රකාශ කළා. ඒ, අලුත් වැඩසටහන් කිහිපයක අන්තර්ගතය ගැනද පැහැදිලි කරමින්.
‘’මාධ්‍යකරණයේ ජනප්‍රිය දෙයක් තමයි ඔයාලා ඉල්ලන ඕන දෙයක් අපි දෙනවා කියන එක. අපි එයින් ටිකක් එහාට ගිහිල්ලා අපි කියනවා රහ සින්දු ඉල්ලන්න කියලා.
අපේ දෛයිනික වැඩසටන් අතරින් අපේ සති අන්ත වැඩසටහන්වලත් වෙනසක් සිදු වෙනවා. ශ්‍රාවකයන්ට මැදිරියට ඇවිත් තමන්ගේ ජීවිතය ගැන කතා කරන්න සංස්කෘතික අභිලාෂයන් ගැන කතා කරන්න අල්ලාප සල්ලාපයේ යෙදෙන්න අවස්ථාවක් උදාකර දෙන්නත් අපි සුදානම්’’
රේඩියෝ කලාව නිසි ලෙස නිසි තැන පිහිටුවා විකෘති නොකර තබාගැනීමයි ITN FM අපේක්ෂාව බව ඔවුන් අවසානයේ සඳහන් කර සිටියේය.
මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍යවේදීන් රැසක් ඔවුන් අපේක්ෂා කරන ගුවන් විදුලි මාධ්‍යයේ ස්වභාවය පිළිබඳ අදහස් පළකර සිටියේය.