අමරණිය ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචිත ගීත නිර්මාණ 28 ක් ඇතුළත් විචිත්‍රවත් ප්රසමරු ගීත සංගයක් එළඹෙන නොවැම්බර් මස 12 වැනිදා සවස 6 ට නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
“සඳකැන් වැසිලා” යනුවෙන් නම් කොට ඇති මේ ප්‍රසංගය සඳහා ගායනයෙන් ආචාර්ය වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, ප්‍රියා සූරියසේන, සමන් ද සිල්වා, සුසිල් ප්‍රනාන්දු, රොඩ්නි වර්ණකුල, සෙව්වන්දි රණතුංග, නදිනි ප්‍රේමදාස, ජනිත් ඉද්දමල්ගොඩ සහ පවන් මල්ලවාරච්චි සහභාගී වීමට නියමිතය.
සුරේෂ් මාලියැද්දගේ සංගීතයෙන් සැන්දෑව වර්ණවත් වේ.
ප්‍රසංගය මෙහෙයවීම සමන් අතාවුදහෙට්ටි විසිනි.
නර්ථන වින්‍යාසය චන්න විජේවර්ධනගෙනි.
මෙම කටයුත්ත සංවිධානය කරනු ලබන්නේ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසිනි.