ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක හාවි වේන්ස්ටේන් තමන්ට ද ලිංගික අඩත්තේට්ටම් සිදු කිරීමට තැත් කළ බව ජනප්‍රිය ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි නාට්‍ය මාලාවේ සර්සි ලැනිස්ටර්ගේ චරිතයට පණ පොවන ලීනා හීඩි චෝදනා කරයි.
තමා ඔහුව ප්‍රතික්ෂේප කිරීම නිසා වෙයින්ස්ටේන් අතිශයින් කෝපයට පත්වූ බවද ඇය කියයි.
වෙයින්ස්ටේන් ලිංගිත අතවර කළ බවට චෝදනා කරන කාන්තාවන් හතළිස්දෙනා අතරට අලුතින්ම එක්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික හීඩි ය.
මහත් ආන්දෝලනයකට ලක්වුණු මෙම සිදුවීම නිසා හාවි වේන්ස්ටේන් පසුගියදා සිය නිෂ්පාදන සමාගමෙන් ඉල්ලා අස්විය.
කෙසේ වෙතත් තමන්ට එරෙහිව ඇති චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි.