දකුණු අප්‍රිකාවේ හිටපු නායක, නොබෙල් ත්‍යාගලාභී නෙල්සන් මැන්ඩෙලාගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන “ලෝන්ග් වෝක් ටූ ෆ්‍රීඩම්” හි අනුගාමී කෘතිය පසුගියදා ජොහැනස්බර්ග් නුවරදී එලි දක්වා තිබේ.
දකුණු අප්‍රිකාව තුල වර්ණවාදය බිඳ වැටීමෙන් පසු එරට ජනපති ලෙස සේවය කළ වසර 5 ක කාලය සහ 1994 දී පැවැත්වුණු ප්‍රථම බහු වාර්ගික මැතිවරණ පිළිබඳ නෙල්සන් මැන්ඩෙලාගේ අදහස “ඩෙයා නොට් ටු ලින්ජර්” නම් කෘතියෙන් අනාවරණය කෙරේ.
අසනීප තත්වය සහ වියපත්වීම නිසා ඔහුට අවසන් කිරීමට නොහැකි වූ කෘතිය සාර්ථකව ලියා අවසන් කරන ලද්දේ දකුණු අප්‍රිකාවේ ප්‍රකට නවකතා රචකයකු වන මන්ද්ලා ලොන්ගා විසිනි.