ලයනල් රංවල සූරීන්ගේ හැත්තෑ අටවැනි ජන්ම දිනය සහ පහළොස්වැනි ගුණ සමරුව නිමිතිකර ගනිමින් “රන් සලකුණ” ජන සංගීත ප්‍රසංගයේ විශේෂ දැක්මක් එළැඹෙන 25 වැනිදා සවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රසංගයේ පළමු භාගය ලයනල් රන්වල සූරින්ගේ නිර්මාණ සඳහාත් දෙවැනි භාගය සහන් රන්වල ඇතුළු රන්වල බලකායේ නව නිර්මාණ සඳහාත් වෙන්වේ.
අහසෙ ඉන්නවලු, ගම අවුලඤ්ඤං, පොඩි අයට ජන ගී, ත්‍රී, යුද්දෙටත් ඇවිත් වැනි රන්වල සන්දර්ශනවලින් තෝරාගත් මෙම අංග එහි වර්තමාන ශිල්පීන් මෙන්ම පැරැණි ශිල්පින් ද එක්ව ඉදිරිපත් කෙරෙනු ඇත.
මෙයට සමගාමීව රන්වල බලකායේ නවතම සංගත තැටිය “යක්කු බොලව්” ජනගත කිරීමද සිදුවේ.
6 වැනි වරට පැවැත්වෙන “රන් සලකුණ” මෙවර ප්‍රසංගය ආනන්ද විද්‍යාලයීය ප්‍රථමික සුභසාධන අරමුදලට ආධාර පිණිස සංවිධාන කෙරේ.