අයි.එස්. සංවිධානයේ සිරකාරියක සහ ලිංගික වහලියක ලෙස කටුක ජිවිතයක් ගත කළ ඉරාක යසීදි ගෝත්රික නාදියා මුරාද්ගේ ලියූ “ද ලාස්ට් ගර්ල්: ද ස්ටෝරි ඔෆ් කැප්ටිවිටි, මයි ෆයිට් අගෙන්ස්ට් ද ඉස්ලාමික් ස්ටේට්” නම් ග්රන්ථය පසුගියදා එළිදැක්විණි.
2014 වසරේදී කැරලි කණ්ඩායමේ ග්රහණයට හසුව ඇය ගත කළ ජීවිතයත්, ඔවුන්ගෙන් මිදී යුරෝපයට පලා ගිය අයුරුත් මෙම කෘතියට ඇතුලත් කර තිබේ.
එම වසරේදී නාදියා ජිවත් වුනු යසිදී ගම්මානයට කඩා වැදුණු අයි.එස්. සටන්කාමීන් ඇය ඇතුළු තරුණියන් දහස් ගණනක් පැහැරගෙන ගියහ.
ඔවුන්ගෙන් මිදී ඇය යුරෝපයට පලා යාමෙන් අනතුරුව මානව ක්රියාකාරිනියක ලෙස කටයුතු කළ අතර මේ වනවිට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක ලෙස කටයුතු කරයි.