දායක විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කලාකරුවන් ඉල්ලීමක් කළ පසු ඒ පිළිබඳ සලකා බලා අවශ්‍ය කටයුතු ඉටු කළ හැකි බව වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි.නාවින්න ඊයේ(25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
විශ්‍රාම වැටුපට සහනයක් ලබා දීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
එසේම ජෝන් ද සිල්වා රඟහල නවීකරණය කිරීමේ දෙවැනි අදියර 2018-19 අතරතුර ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් ඔහු පවසා තිබේ.