33 වැනි වතාවටත් සංවිධාන කරනු ලැබූ “රාජ්‍ය කලාභූෂණ සම්මාන උළෙල” ඊයේ (12) දින කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා විශිෂ්ට සේවාවක් කළ වයස අවුරුදු 60 ඉක්ම වූ දිස්ත්‍රික් පදනමින් තෝරාගත් කලා ශිල්පීන් සහ ශිල්පිනියන් 200 දෙනෙක් එහිදී සම්මානයෙන් පිදුම් ලැබිය.
මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු කලාකරුවෝ විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව උළෙල සංවිධාන කර තිබුණි.