ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පිනි ශ්‍රී දේවි හදිසි හෘදයාබාධයක් නිසා සිය දිවි ගමනින් සමුගෙන තිබෙනවා.
ඩුබායි හි පවතී පවුලේ මංගල උත්සවයක් සඳහා සහභාගී වී සිටියදී 54 හැවිරිදි ඇය මෙසේ ජිවිතක්ෂයට පත්වී ඇත.
ශ්‍රී දේවි මියයන විට ඇගේ සැමියා බොනී කපුර් සහ දියණිය කුෂි ඇය සමඟ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිව් හැවිරිදි වියේදී සිනමා ක්ෂේත්රයට පිවිසි ශ්‍රී දේවි දෙමළ, තෙලිඟු, මලයාලම්, හින්දි චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.
ඇය රංගන දායකත්වය සපයා ඇති සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 150 කට අධිකය.
රංගන ශිල්පියකුගේ සහයෝගයකින් තොරව ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලීමට සමත්වූ රංගන ශිල්පිනියන් අතුරින් එක් අයෙක් ලෙස ඇය සැලකෙනවා.
ඉන්දීය රජය විසින් ලබා දෙන ඉහලම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද ශ්‍රී දේවි 2013 දී පිදුම් ලැබුවාය.