ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පිනි ශ්‍රී දේවි ගේ දේහය පිළබඳ අවසන් කටයුතු අද දින එනම් 28 බදාදා සවස 3.30 ට මුම්බායි හිදී හින්දු චාරිත්‍රානුකූලව සිදු කිරීමට නියමිතව තිබේ.
ඊයේ පස්වරුවේ ඩුබායි සිට පෞද්ගලික ජෙට් යානයකින් මුම්බායි වෙත ගෙන්වූ ඇගේ දේහය අද පෙරවරුවේ සිට දහවල් කාලය වනතෙක් මහජන ගෞරවය පිරිනැමීම සඳහා ඇගේ නිවස අසල පිහිටි උත්සව ක්‍රීඩා සමාජ ශාලාවක තැම්පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා පස්වරු 2.30 ට විලේ පාර්ලේ සේවාසමාජ් ආදාහනාගාරය වෙත ඇගේ දේහය ගෙන යාමට නියමිතය.
ශ්‍රී දේවිය වෙත අවසන් ගෞරව පිරිනැමීම සඳහා විශාල ජනකායක් රැස්ව සිටින බැවින් ඔවුන් හසුරුවා ගැනීම සඳහා මුම්බායි පොලිසිය විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.