නයිල් නදියේ පිරිසිදුභාවය ගැන සරදම් කළ ඊජිප්තු ගායිකා ෂෙරින් අබ්දෙල් වහබ්ට සයමස් සිර දඬුවමක් හිමි වී තිබේ.
සුප්රකට නයිල් නදියෙන් දිය පානය කළහොත් ඔවුන්ට පණු රෝගයක් වැළඳිය හැකි යැයි සිය රසිකයන් හමුවේ සරදම් කළ ඇය ඒ වෙනුවට ඒවියන් බෝතල් කළ ජලය පානය කරන ලෙස ද පවසා තිබුනේ පසුගිය නොවැම්බරයේදී ය.
තමන් එම ප්රකාශය සිතාමතා නොකළ බව කියමින් සමාව ඉල්ලා සිටිය ද එය නයිල් නදියට කළ අවමානයක් යැයි එරට අධිකරණයක් විසින් තීරණය කිරීමෙන් අනතුරුව ෂෙරින් අබ්දෙල්ට සිර දඬුවම් හිමි වී ඇත.
ෂෙරින් අබ්දෙල් ඊජිප්තුව තුල ප්රසිද්ධ ගායිකාවකි.