lan englan tam

පුවත්

“තුන්දෙනෙක්” එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයෙන් නිෂ්පාදිත ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හදගම අධ්‍යක්ෂණය කළ "තුන්දෙනෙක්" චිත්‍රපටය එළිදැක්වීම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් කොළඹ රිගල් සිනමා ශාලාවේදී පැවැත්විණි.

කොටස් තුනකින් එකිනෙකට සම්බන්ධ කෙටිකථා තුනකින් සමන්විත “තුන්දෙනෙක්” චිත‍්‍රපටයෙන් 30 වසරක් පැවති ජනවාර්ගික අරගලයෙන් පීඩාවට පත් මනුෂ්‍ය ජීවිතයේ ඛේදවාචකය පිළිබිඹු කරයි.

යුද්ධය පැවති කාලයේදී සහ ඉන්පසුව ඇතිවූ කම්පනයන්, තම පවුල්වල සාමාජිකයින් අහිමිවීමත්, ඒ හේතුවෙන් තම හදවත් තුළ දැවෙන වේදනාකාරී හැඟීම් හදකම්පාවන ආකාරයෙන් ඉදිරිපත් කර සමාජයට පණිවුඩයක් ලබාදීම සිදුකෙරෙන අතර, ශ‍්‍රී ලාංකික ජනතාව නිදහස සහ සාමානාත්මතාවයෙන් යුතුව ජීවත්වන රටක් ගොඩනැගීම මෙමගින් අපේක්ෂා කරන බව චිත්‍රපටය නිෂ්පාදන කාර්ය සඳහා උරදුන් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග , රාජ්‍ය නිලධාරින්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Back to top
Go to bottom

Popular News