ලෝක ප්‍රකට සුපිරි නිරුපන ශිල්පිනි නයෝමි කෑම්ප්බෙල් සහ රැප් ගායක ස්කෙප්ටා, බ්‍රිතාන්‍ය GQ මාසික සඟරාවේ මීළඟ කලාපයේ මුල් කවරය සඳහා උඩුකය නිරුවත් ඡායාරුප වලට පෙනී සිට තිබේ.
මෙම දෙපල සරාගී ලෙස වැළඳ ගෙන සිටින අයුරු ඉන් නිරුපනය කෙරෙන අතර ඔවුන් දෙදෙනා පෙම්වතුන් යැයි එමඟින් වැඩිදුරටත් තහවුරු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
කෙසේ වෙතත් GQ වෙබ් අඩවිය සඳහන් කරන්නේ 2016 බ්‍රිතාන්‍ය විලාසිතා සම්මාන උළෙලේ දී මුණ ගැසුණු නයෝමි සහ ස්කෙප්ටා මේ වනවිට “ඉතා සමීප මිතුරන්” ලෙස ඇසුරු කරන බවයි.
ඔවුන් දෙදෙනා ද තමන් පෙම්වතුන් බව නිල වශයෙන් ප්‍රකාශ කර නැත.
නිව්යෝක් නුවර කේන්ද්‍ර කරගත් GQ පුරුෂයන් සඳහා වූ සඟරාවේ අප්‍රේල් කලාපයෙන් වර්ගයා, ලිංගිකත්වය සහ ආදරය යන මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.