බොලිවුඩ් සිනමාවේ සුපිරි ගායකයෙකු වන සෝනු නිගම්ට අන්තවාදීන් පිරිසකගෙන් මරණ තර්ජන එල්ලවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ මහාරාශ්ට්ර ප්‍රාන්ත බුද්ධි අංශ ද මේ පිළිබඳ තොරතුරු අනාවරණ කර ඇතැයි සඳහන්.
සුපිරි ගායකයාට අමතරව භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකුට ද මරණ තර්ජන එල්ලවී ඇති බවයි ඉන්දීය පුවත් සේවා කියා සිටියේ.
මේ හේතුවෙන් මුම්බායි පොලීසිය සෝනු නිගම්ට මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් දෙදෙනාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
අනාවරණ වී ඇති කරුණු අනුව සෝනු නිගම්ට මරණ තර්ජන එල්ලකර ඇත්තේ ලෂ්කාර් ඊ තයිබා ත්‍රස්ත සංවිධානයයි.
උදෑසන කාලයේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දේවස්ථානවල සිදු කෙරෙන ස්තෝත්ර සම්බන්ධයෙන් පසුගිය වසරේ සෝනු නිගම් සිදු කළ මතබේධාත්මක ප්‍රකාශයක් මෙම මරණ තර්ජන සිදු කිරීමට මුලික හේතුව බවයි සැක කෙරෙන්නේ.
ඔහු සිය ට්විටර් ගිණුම මගින් මේ සම්බන්ධයෙන් මතබේධාත්මකව කරුණු දක්වා තිබු අතර අදාළ ආගම් ඉන්දියාවෙන් තුරන් වන්නේ කවදාදැයි යන්න ඔහු එමගින් විමසා තිබුනා.
මේ හේතුව මත සෝනු නිගම්ට තර්ජන එල්ලවී ඇතැයි සඳහන්.
උදෑසන කාලයේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශණය කෙරෙන ස්තෝත්ර නතර කරන ලෙසට ඔහු ඉල්ලීම් කර ඇතත් එය ඉටුවී නැහැ.
සුපිරි ගායකයාගේ මෙම ප්‍රකාශ ආගම්වලට එරෙහි ප්‍රකාශයක් ලෙසට ඇතැම් පිරිස් සලකා ඔහුට විරුද්ධවාදීන් නිර්මාණය වී ඇතැයි හෙළිවී තිබෙනවා.
සෝනු නිගම් තැබූ ට්විටර් සටහනට විශාල පිරිසක් විරුද්ධව සහ පක්ෂව අදහස් දක්වා මතබේධාත්මක තත්වයක් නිර්මාණය වීමත් සමග සිය ගිණුමින් ඉවත් වීමට ද ඔහු පියවර ගෙන තිබෙනවා.
බොලිවුඩ් සුපිරි ගායකයා සඳහන් කළේ කතා කිරීමේ සහ අදහස් දැක්වීමේ නිදහස අවම තත්වයකට පත්ව ඇති බවයි.