බ්‍රිතාන්‍ය ප්‍රකාශකයන් විසින් සිය පළමු නවකතාව ප්‍රතික්ෂේප කරනු ලැබූ එක්සත් රාජධානි කතුවරියක්, ලොව මිල අධිකම සාහිත්‍ය සම්මානයකට හිමිකම් කියා තිබේ.
ජෙනිෆර් නන්සුබුගා මකුම්බි නම් ඇය එක්සත් ජනපද යේල් විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන වින්ඩම් කැම්ප්බෙල් සම්මානය හිමි වී ඇත.
ඒ අනුව “කින්ටු” නවකතාව වෙනුවෙන් ඇයට ඩොලර් එක් ලක්ෂ හැට පන්දහසක් හිමි වීමට නියමිතය.
නොබෙල් ත්‍යාගයෙන් පසුව සාහිත්‍ය උදෙසා පිරිනැමෙන ඉහලම වටිනාකමක් හිමි සම්මානය මෙය යැයි එහි සංවිධායකයෝ පවසති.
එසේම මෙම වසර තුලදී වින්ඩම් කැම්ප්බෙල් සම්මානයෙන් කතුවරුන් අට දෙනෙක් පිදුම් ලැබිමට නියමිතය.