මාවල් සුපිරි වීරයන්ගේ නවතම සිනමාපටය “බ්ලැක් පැන්තර්”, ලොව පුරා ප්රදර්ශනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.
ඒ අනුව මෙම බොක්ස් ඔෆිස් වාර්තාව පසුකළ පස්වැනි ඩිස්නි මාවල් යුනිවර්ස් නිෂ්පාදිත චිත්රපටය “බ්ලැක් පැන්තර්”වේ.
ලොව වඩාත් දියුණු තාක්ෂණයකට හිමිකම් කියන කල්පිත අප්රිකානු දේශයක් වන වකන්දා හි අපරාධකාරී සටන් පාලකයෙක් ලෙස චැඩ්වික් බොස්මන් සිය චරිතය නිරුපනය කර ඇත.
ඔස්කාර් සම්මානලාභී ලුපිටා යොන්ගෝ, මිචෙල් බී. ජෝඩන් සහ ඩැනියල් කලුයා එහි ප්රධාන චරිත රඟ දක්වන අතර ප්රකට හොබිට් සිනමාතරු මාටින් ෆ්රීමන් CIA නිළධාරියකුගේ චරිතයට පණ පොවා තිබේ.
සිනමාපටයේ අධ්යක්ෂ රයන් කොග්ලර් ඇතුළු කළු ජාතිකයන් විශාල පිරිසක් “බ්ලැක් පැන්තර්” වෙනුවෙන් සිය දායකත්වය සපයා තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.
“බ්ලැක් පැන්තර් සැලකිල්ලට ගතහොත් ‘කල්ලන්ගේ සිනමාපට ධාවනය වන්නේ නැහැ, විදේශීය උනන්දුව අඩුයි.’ කියලා කිසිදු චිත්රාගාරයකට දැන් පැවසීය නොහැකියි,” යනුවෙන් බොක්ස් ඔෆිස් විශ්ලේෂක ජෙෆ් බොක් පැවසුවේය.
ඩිස්නි ගණන් කිරීම් වලට අනුව සිනමාපටය ප්රදර්ශනය ආරම්භ කර දින 26 ක් ගත වූ තැන ඩොලර් බිලියනයක ආදායම ඉක්මවීමට සමත් වී තිබේ.