සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ 82 වැනි ජන්ම දිනය නිමිති කරගනිමින් ශ්රී ලංකවේ ප්රථම ජේම්ස් බොන්ඩ් චිත්රපටය වූ 'සොරුන්ගෙත් සොරු' චිත්රපටයේ ඩී. වී. ඩී. තැටිය පසුගියදා නිකුත් කෙරුණි.
රන්මුතුදූව, ගැටවරයෝ නිර්මාණය කළ මයික් විල්සන්ගේ තුන්වන හා අවසාන චිත්රපටය වූ 'සොරුන්ගෙත් සොරු' ගාමිණී සමඟ ලීස් විල්සන්, ජෝ අබේවික්රම හා කාල් ගුණසේකර ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණය කළහ.
එහි සංගීත අධ්යක්ෂවරයා වූයේ පණ්ඩිත් අමරදේව ශූරීන්ය.
සොරුන්ගෙත් සොරු සෙරන්ඩිබ් ඉන්ටර් නැෂනල් සමාගමේ නිෂ්පාදනයකි.
ඩී. වී. ඩී. තැටිය සුරංග ද අල්විස්ගේ ඉදිරිපත් කිරීමකි.