දහස් ගණනක් දරුවන්ගේ ජිවිත එළිය කළ “එල් සිස්තෙමා” (The system) සුප්‍රකට සංගීත වැඩසටහනේ නිර්මාතෘ ජොසේ ආබෘ සිය දිවි ගමනින් සමුගෙන තිබේ.
ෂැනි ටවුන් ලෙස ව්‍යවහාරයේ පවතින වෙනිසියුලාවේ පිහිටි පැල්පත් නිවෙස් හි දිවි ගෙවන ළමුන් සහ දරිද්‍රතාවයෙන් යුත් අසරණ දරුවන් හට මෙම වැඩසහන මඟින් නොමිලේ සංගීත අධ්‍යාපනය සලසන ලදී.
මෙවැනි ක්‍රමවේදයන් අනෙකුත් රටවල් වල ද නිර්මාණය වීම සඳහා “එල් සිස්තෙමා” පිටුවහලක් වී ඇත.
78 හැවිරිදි වියේදී සිය දිවි ගමන නිමා කළ “ ආබෘ සංගීතවේදියා” වෙනුවෙන් වෙනිසියුලාව, දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
“එල් සිස්තෙමා” නම් සංගීත වැඩසටහන ඔහු ආරම්භ කරන ලද්දේ 1975 දිය. ඒ සංගීතවේදීන් 11 දෙනකුගේ එකමුතුවෙනි.
මත්ද්‍රව්‍ය සහ ප්‍රචණ්ඩත්වයෙන් දරුවන් මුදවා ගෙන සංගීතය යොදා ගනිමින් දරිද්‍රතාවයට එරෙහිව සටන් වැඩිම මෙම ක්‍රියාපටිපාටියේ ප්‍රධාන අරමුණක් විය.
“එල් සිස්තෙමා” වැඩසටහන ලෝක ළමා අරමුලෙන් මෙන්ම විවිධ සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත.